යුධ හමුදා බුද්ධි අංශ මෙහෙයුමකින් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

Share

මන්නාරම ප්‍රදේශයේ කලක සිට ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ දීර්ඝ කාලීනව ඉතා සූක්‍ෂම ලෙස සිදුකරන ලද බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසින් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය 10 kg 400 g ක් අද දින උදෑසන මන්නාරම යුධ හමුදා මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙය ප්‍රවාහනය කරන අවස්ථාවේදී පොලිසියට හෝ ආරක්‍ෂක අංශ වලට හසු නොවීම සඳහා ඉතා රහසිගතව අසුරා තිබී ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට අමතරව යුධ හමුදාව විසින් බොලෙරෝ කැබ් රථයක් සහ එය ප්‍රවාහණය කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත.

Read more

Local News