විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලන්දරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝගය හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්.සේනාධිර මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් කණ්ඩායමක් 2022.09.01 වන දින පන්නල පොලිස් වසමේ ඔල්සන් පාර, පන්නල ලිපිනයේ පිහිටි රේන්බෝ සිෆුඩ් පුද්ගලික සමාගම යන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බලයා මාළු කිලෝ 229. ග්‍රෑම් 341 ක් බලයා කරවල කිලෝ 25, ග්‍රෑම් 810 ක් සමඟ වයස අවුරුදු 30 පසුවන අනුක්කනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.එන්.එස්.කේ රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් වෙත භාර දී ඇත.
රස පරීක්ෂක වාර්තා ලැබෙනතුරු එම ස්ථානය තාවකාලිකව මුද්‍රා තැබීමට කටයුතු කර ඇත.



