රට තුළ පවතින ඉන්ධන, ගෑස් හා වී ක්ෂේත්‍රයන්හි ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.
ඉන්ධන මිලදී ගැනීම, බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලද අතර, එහිදී ඉන්ධන අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටළුවලට කඩිනමින් සහන සලසන ලෙසයි, සාගල රත්නායක මෙහිදී මෙහිදී ලබා දී ඇත්තේ.
භූමිතෙල් සම්බන්ධ ගැටලුව පිළිබඳවද මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර එම ගැටලුව විසඳීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසද ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක උපදෙස් ලබාදී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ආරම්භ කර ඇති පරාක්‍රම සමුද්‍රයේ ගොවි ජනතාවට ඊයෙත් ඉන්ධන ලබා දීමට කටයුතු කර තිබුණා.
ඉන්ධන ලීටර් දහනම දහස් අටසීයක් ඊයේ දිනයේ ගොවි ජනතාවට ලබා දී තිබුණා.




