පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අහිතකර බලපෑම් එල්ල වී තිබුණා. මේ වන විට දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉවත් වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.
නමුත් අද දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා සාමාන්‍ය වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. මේ අතර ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කළු ගඟ, ගිං ගඟ, කුඩා ගඟ සහ මගුරු ගඟ මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වනවා.




