මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන සේවාවන් සදහා සියලු ගෙවිම් කටයුතු ඕනැම ඉලෙක්ට්‍රෝනික් කාඩ්පතක් මඟින් ඊයේ (05) දින සිට සිදු කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩි.කුසලානි ද සිල්වා පවසයි.
ඇය මේ බව පැවසුවේ, ඊයේ (05) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෝටර් රථ ප්‍රවාහන කොමාරිස් සුසන්ත ජයතිලක පැවසුවේ, තාක්ෂණය දියුණුවිමත් සමඟ වර්තමාන තරුණ පරපුර සැම විටම මුදල් වශයෙන් ගෙවිම් සිදු කිරිමට වඩා කාඩ්පත් මඟින් ගෙවිමට කැමැත්තක් ඇති බවයි.
කෙසේ වුවද මෙම කාඩ්පත් මඟින් ගෙවිම් සිදු කළ හැක්කේ ,නාරාහේපිට හා වේරහැර ශාඛාවෙන් පමණක් බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුසන්ත ජයතිලක පැවසුවේ.



