හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර් සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.06 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 38/27/ඩි/1, ජි.ජි. පෙරේරා මාවත, කොලොන්නාව ලිපිනයේදී වැටලීමක් සිදු කර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 35 මිලි ග්‍රෑම් 350ක්, මුදල් රුපියල් 1,026,700.00 ක්, ජංගම දුරකථනයක් සහ ඩිජිටල් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 40ක කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News