නීති විරෝධීව ගෙන්වූ කහ තොගයක් අත්අඩංගුවට

Share

ආනයනය තහනම් කර ඇති කහ තොගයක් නීති විරෝධීව මූහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත විශාල මළු 36 ක සගවා තිබූ කිලෝ 1500 පමණ වන කහ තොගයක් ඊයේ(සැප්තැම්බර් 07 සවස) අත්අඩංගුවට ගැනීම ශ්‍රි ලංකා යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කටයුතු කර ඇත.

අදාළ කහ තොගය නීති විරෝධීව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති බවට සැක පළ කරන අතර,පුනරීන් වලෙයිපාඩු මුහුදු තීරයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදූ කර ඇත.

මෙම මෙහෙයුමේදී පුනරීන් වලෙයිපාඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 පමණ වන සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කහ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීම සදහා ජෙයපුරම් පොලිසිය වෙත භාර දී ඇත.

Read more

Local News