යල කන්නයේ වී මිලදී ගැනීම මේ දිනවල සිදුවනවා. නමුත් සමහර ප්‍රදේශවල ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ වී මිලදී ගැනීම් කළද තම මුදල් ගෙවීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරන්නේ නැති බවටයි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැති බවයි. රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් කිරීම තවමත් සිදුවන්නේ මන්දගාමීව බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ අලුත්වැව ගොවීන් සිය වී අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා.
ඒ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වසා දමා තිබීම හේතුවෙන්.



