එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පනස් එක් වැනි මානව හිමිකම් සැසිවාරය අද ජිනීවාහිදී ආරම්භ වනවා. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති.
ඒ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සම්බන්ධව තොරතුරු ඇතුළත් කරමිනුයි. පවතින තත්වය හමුවේ මෙරට සෑම තරාතිරකම ජනතාවගේ මානව හිමිකම් කඩ වී ඇති බව වාර් තා වේ සඳහන් වනවා.
රට නව මාවතක් සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ.
වර්තමානයේ අභියෝගවලට මුහුණ දීම සඳහා අතීතයේ මානව හිමිකම් කඩවීම් යළි සිදු නොවීමට වගබලා ගත යුතුයි.
සාමකාමී විරෝධතා මර්ධනය කිරීමට උත්සාහ කිරීම අත්හිටවිය යුතු බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.



