සමන්තා පවර් දිවයිනෙන් පිටත්ව යයි

Share

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ඇතුළු දූත පිරිස අද අලුයම පිටත්ව ගොස් තිබෙනවා.

මෙම නිල සංචාරයේදී සමන්තා පවර් ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අතර එහිදී මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

එමෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වෙත ලබාදී ඇති බවත්, එසේ නොවුණහොත් ජනමත විචාරණයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදිව කටයුතු කරන බවත්, මෙහි එහිදී සමන්තා පවර් හට ප්‍රකාශ කර තිබෙනවා.

Read more

Local News