රිය අනතුරකින් යුක්‍රේන ජනාධිපතිට තුවාල

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලබා ඇත. යුක්‍රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි.

ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමඟ යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත.

එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාල සිදුවුණු බවත්, ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සිදුවුණු බවත් වාර්තා වේ.

Previous articleනෙළුම් කුලුන අද සිට ජනතාවට විවෘතයි
Next articleකාන්තාවන් තිදෙනෙක් එක්ව සිදුකල පොල් සොරකමක්