පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අතුරුදන්

Share

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය ලබමින් සිටි අවසන් වසරේ සිසුවෙකු අතුරුදන්ව ඇති බවට පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පසුගිය දාසය වනදා සිට අතුරුදන් මෙම සිසුවා සොයා පොලිස් පරීක්ෂණ ක් රියාත්මකයි. මේ අතර පදවිය, බෝගහ වැව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු විසි තුනක තරුණයෙකු අතුරුදන්ව ඇති බවට පදවිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඊයේ උදෑසන හයයි තිහට පමණ තරිඳු සඳරුවන් නැමති මෙම තරුණයා බෝගස් හන්දිය ප්‍රදේශයෙන් අනුරාධපුරය බලා ධාවනය වන බස් රථයක නැග ඇති බවත් ඉන්පසුව ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවයි මෙම තරුණයාගේ ඥාතීන් පවසන්නේ.

Read more

Local News