මේ වෙනකොට ශ්‍රී ලංකාව කියන අපේ රටත් ශ්‍රී ලාංකිකයින් කියන අපි සියලු දෙනාමත් වැටිලා ඉන්නේ. අපිට නැගිටින්න නම් කවුරුහරි අත දෙන්නම සිද්ධ වෙලා තියෙනවා. මේ වැටිලා නෙමෙයි තියෙන්නේ. ඇත්තටම වට්ටලා තියෙන්නේ. කොහොම වුණත් මේ විදිහට වැටිලා තියෙන ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල් උපකාර, ආධාර ලබාදෙමින් සිටිනවා. ඒ අතර ඔස්ට්‍රේලියාව, ඩොලර් මිලියන විසි දෙකක් ආසන්න වශයෙන් ගත්තොත් අමෙරිකානු ඩොලර් මිලියන පහළොවක් පමණ වටිනා ආහාර පරිත්‍යාග කරන්න, ශ්‍රී ලංකාවට එකඟතාවය පළ කරලා තියෙනවා.
එහි පළමු කොටස පසුගියදා ශ්‍රී ලංකාවට ලැබුණා. පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත්ම පිඩාවට පත්ව සිටින පුද්ගලයින් වෙත මෙම සහල් බෙදාහැරීමට නියමිතයි. ඔස්ට්‍රේලියාව අපිට ලබාදුන්නු සහල් තොගය මෙට්‍රික් ටොන් හයසීයක් පමණ වනවා. ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක දිගු මිත්‍රත්වයක් පවතින අතර පෙර නොවූ විරූ අර්බුධයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ලබා දෙන පරිත්‍යාගය දෙරට අතර පවතින හොඳ හිත තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් බිල වැඩිවීම, රැකියා අහිමිවීම සහ ආදායම් වැඩිවීමෙන්, පීඩාවට පත් ජනතාවගේ දිවි රැක ගැනීම සඳහා ආහාර ලබාදීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ හරහා මෙම සහය ලබා දෙන බවයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ස්ටීවන් ප්‍රකාශ කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අස්ගිරි පාර්ශවයේ මහා නායක ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින දැඩි ආර්ථික අර්බුදය සමථයකට පත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ දීර්ඝකාලීන සහයෝගය ලබාදෙන බවයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ.