කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී හම්බන්තොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.22 වන දින කහවත්ත පොලිස් වසමේ අංක 32ඒ/1, පාලම අසල, වැල්ලන්දුර, කහවත්ත ලිපිනයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහි දී පැය 1330 ට කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි වයස අවුරුදු 46 ක, වැල්ලන්දුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු රුපියල් විසි පන්දාහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා ග්‍රෑම් 171 සහ ජාවාරම් කිරීමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 186,400 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News