ගල් අඟුරු ආවේ නැත්නම් පැය දහයක්, දොළහක් විදුලිය කපන්න හදන මහජන උපයෝගීතා කොමිසම

අද පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. අද සිට එළඹෙන විසිපස් වනදා පැය දෙකයි විනාඩි විස්සක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර එක ක්‍රියාත්මක නොවීම වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නැතිකම සහ විදුලි ඉල්ලුමේ පවතින හදිසි ඉහළ යාම නිසා මෙලෙස දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදු වූ බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ ගල් අඟුරු ලැබුණේ නැත්නම් විදුලි කප්පාදුව තවත් දීර්ඝ කිරීමට සිදුවන බවයි.