මහියංගනය නගරයේ යතුරු පැදියක් හදිසියේ ගිනි ගැනීමකට ලක්වෙයි

මහියංගනය නගරයේ මාර්ගයක ගමන් කරමින් තිබූ යතුරු පැදියක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්නට හේතුව යතුරු පැදියේ ඇති වූ කාර්මික දෝෂයක් බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වුවද යතුරු පැදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.