රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 211 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 211 යි.

යුද්ධයේ දී න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට පුටින් පහුගිය දා අනතුරු ඇගවුවා.

පුටින් පවසන්නේ බටහිර රටවල් එම තර්ජනය පිළිබඳව බැරෑරුම් ලෙස සිතිය යුතු බවයි.

එසේම සිය හමුදා බලය ශක්තිමත් කිරීමට පුටින් නියෝගයක් ලබා දුන්නා.

ඉන් පසුව පැය 24 තුල 10000 ක් පමණ පුද්ගලයින් එරට හමුදා බඳවා ගැනීමේ කාර්යාල වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියාවේ ගුවන් ටිකට් පත් මිල ඩොලර් 5000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ බොහෝ රුසියානුවන් වෙනත් රටවලට යාමට උත්සාහ කිරීම නිසයි.

මේ අතර අද සිට අඟහරුවාදා දක්වා යුක්‍රේනයේ ප්‍රදේශ 4ක් තුල රුසියාව ව්‍යාජ ජනමත විචාරණයක් පවත් වීමට සුදානම් වනවා.

Read more

Local News