විදෙස් රටවලට යන අයට දැනුම්දීමක්

Share

මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයින් රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබාගන්නා බවට හා සංචාරක වීසා මගින් පුද්ගලයින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගතකරන බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබේ.

කිසිඳු අවස්ථාවක සංචාරක වීසා මගින් රැකියා සඳහා මැලේසියාවට නොයන ලෙසත්, එරට නීතිය අනුව සංචාරක වීසාපත් මගින් මැලේසියාවට ඇතුළු වූ පසු කිසිසේත් රැකියා වීසාපත්වලට මාරු කරගත නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කර සිටියි.

කිසිම අවස්ථාවක සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා විදේශ ගත නොවන ලෙසත් මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දන්වන ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

විශේෂ විමර්ශන අංශය- දුරකථන අංකය 0112864241

ෆැක්ස් අංකය 0112864118

ඊමේල් ලිපිනය mgr_invest@slbfe.lk

Read more

Local News