රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 243 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 243 යි.

එනම් මේ ගෙවී යන්නේ 08 වෙනි මාසයයි.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදාව පසුගියදා සාර්ථකත්වයක් ලැබුවද, මේ වන විඅට යුධ බිමෙහි කිසියම් පසුබෑමකට ලක්ව තිබෙනවා.

ඒ රුසියාව යුක්‍රේනයේ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර හමුවේයි.

ඒ අනුව එළඹෙන ශිත සෘතුවේදී යුක්‍රේනයට අර්බුද රැසකට මුහුණදීමට සිදුවනු ඇති.

මේ අතර dirty bombs හෙවත් විකිරණශීලී අපද්‍රව්‍ය අඩංගු බෝම්බ භාවිතා කිරීමට යුක්‍රේනය සුදානම් වන බවයි රුසියාව චෝදනා කරනවා.

මෙම චෝදනා අසත්‍ය බව තහවුරු කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියාට නැවතත් යුක්‍රේනයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

Read more

Local News