කෝඩ‍්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළිය 2022

Share

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ SLT Mobitel පුද්ගලික සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහක දායක ශක්තිය ඇතිව සංවිධානය කරනු ලබන 2022 කෝඩ‍්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලිය, 2022 නොවැම්බර් මස 04 සහ 05 වන දින දක්වා ත‍්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත. රට තුල පැවති වසංගත සහ ජාතික අභියෝග හේතුවෙන් පසුගිය වසර කිහිපය තුල පසුබෑමකට ලක්වු ගෝල්ෆ් ක‍්‍රීඩාව නංවාලීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි. මෙය කණ්ඩායම් පදනම් කරගත් තරගාවලියක් බැවින් අන්තර් සමාජ මිත‍්‍රත්වය ඉහළ නංවා ගැනීමටද හැකියාව සැලසෙනු ඇත. මෙම තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ හතරකින් සාමාජිකයින් 15දෙනෙක ුගෙන් සමන්විත කණ්ඩායමක් බැගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් ඊගල්ස් කෝඩ‍්‍රෑන්ගල් කුසලානයටද සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් Q-Cub විවෘත ක ුසලානය සදහා කේවල වශයෙන් තරගවැදීමට නියමිතව ඇත. ඒ වෙනුවන් පසුගිය දා ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය. සම්පූර්ණ විස්තරය පහතින් බලන්න.

Read more

Local News