කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලටය.

Previous articleඅද විදුලි කප්පාදුව පැය 2 යි
Next articleඇෆ්ගන් – අයර්ලන්ත තරඟයට වර්ෂාවෙන් බාධා