ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක්

Share

ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් මෙරට හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ලබාදෙන ගුවන අවකාශ සේවාව සැපයීම විදෙස් රටවලට ලබාදීමට සිදුව ඇති බව වාර්තා වනවා.

පවතින තත්ත්වය හමුවේ මෙරටට ගොඩබාන සහ පිටව යන ගුවන් යානා පාලනය කිරීම පමණක් සිදුකරනු ලබන අතර ජාත්‍යන්තර ගුවන් යානාවලට අදාළ පාලන කටයුතු වලින් ඉවත් වීමට ද සිදුව තිබෙනවා.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ග අනුව මෙරට තුළ ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට එහි සේවය කරනු ලබන්නේ සේවකයින් 80ක් පමණ බවද වාර්තා වේ.

කෙසේවෙතත් ගුවන් ගමන් පාලකවරුන් ලෙස කටයුතු කරන පිරිස් වෙත විදෙස් රටවලින් ලබාදෙන මුදල් සහ අනෙකුත් දීමනා හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාව අතහැර ගොස් සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

Read more

Local News