මැතිවරණයකදී තනිව තරඟ කිරීමට නිදහස් පක්ෂය ශක්තිමත් – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වුණා.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

රටේ පරිහානියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකිව යුතු බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

මේ අතර පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයකදී අවශ්‍ය නම් තනිව වුවද තරඟ කිරීමට නිදහස් පක්ෂය ශක්තිමත් බවයි.