ශ්‍රීලංකන් ගුවන් සේවය හරහා විදෙස් ගතවන සිසුන්ට දීමනා

Share

ශ්‍රීලංකන් ගුවන් සේවය ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා ගුවන් සේවයේ වෙබ් අඩවිය හරහා සෘජුවම ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම් සඳහා බහුවිධ සුවිශේෂී ප්‍රතිලාභ හඳුන්වා දී තිබේ.

සිසුන්ට ඔවුන්සේ පළමු ගුවන් ටිකට්පත් මිලදී ගැනීසම්දී ක්ෂණිකව සියයට 10 ක මුදල් ආපසු හිමිවන අතර ස්වයං – සංචාර සඳහා ප්‍රවේශ පත්‍ර 5ක් දක්වා මිලදී ගන්නා සෑම අවස්ථාවකදීම අමතර ටිකට් පතකටම සියයට 15ක මුදලක් ආපසු ඔවුන්ටම ලබා දෙනු ඇත.

මීට අමතරව, සිසුන්ගේ දෙමාපියන් සහ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා විදේශයන්හි අධ්‍යාපනය ලබන අය බැලීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා විට සියයට පහක මුදල් ආපසු ගෙවීමක් ලබාදෙනු ඇත.

Read more

Local News