ඕමානයෙන් රුපියල් මිලියන 191 ක ඖෂධ

ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.

හෘද රෝග ,අධි රුධිර පීඩනය, ආතරයිටීස්, හෝමෝන අසමතුලිතතා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා රෝග,ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ මේ අතර වේ.

Previous articleරුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
Next articleසතුන් සඳහා බඩඉරිඟුවලට ආදේශකයක්