යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 252 යි.
යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් G7 රටවල විදේශ ඇමතිවරු සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒ ජර්මනියේදී.
මෙවර G20 සමුළුවට පුටින් සහභාගී වනවා නම් තමා ඊට එක්වන්නේ නැති බවයි සෙලෙන්ස්කි පවසන්නේ.
එසේම ඊශ්‍රායලයේ නව රජය සමගින් සහයෝගිතාවයේ නව පිටුවක් විවෘත කිරීමට තමා කැමති බවද සෙලෙන්ස්කි පවසනවා.
මේ අතර රුසියාව සහ යුක්‍රේනය සොල්දාදුවන් හුවමාරු කර තිබෙනවා.
යුක්‍රේනයට එරෙහිව රුසියාවට බැලැස්ටික් මිසයිල ලබාදීමට ඉරානය සලකා බලමින් සිටින බවයි නේටෝ මහලේකම් පවසන්නේ.