පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ කමිටුව පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇත.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතීත්වයෙන් යුතු අදාළ කමිටුව සඳහා සාමාජිකයින් සිව්දෙනෙකු පත්කර ඇත.
එහි සෙසු සාමාජිකයින් ලෙස ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන අය පත්කර තිබේ.
