කොරියාවෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

Share

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී නා කියුං-වොන් (Na Kyung-Won) මහත්මිය අතර හමුවක් ඊයේ (07) පස්වරුවේ සිදු විය.

දේශගුණික විපර්යාසයන්හි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය මෙහිදී අගය කළ නියෝජිතවරිය රටේ දැනටමත් අඩු කාබන් විමෝචන අනුපාතයක් තිබියදීත්, කාබන් විමෝචනය අඩු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කළාය.

දේශගුණික විපර්යාස සඳහා සාර්ථකව මුහුණදීමට නම් එම ක්ෂේත්‍රයේ ධාරිතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

Read more

Local News