අලි මිනිස් ගැටුමට ඉදිරි වසර එකහමාර තුළ ස්ථිර විසඳුමක්- මහින්ද අමරවීර

අලි මිනිස් ගැටුමට ඉදිරි වසර එකහමාර තුළ ස්ථිර සාර විසඳුමක් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.