මංකිපොක්ස් ආසාදිත දෙවන පුද්ගලයා IDH රෝහලට

වඳුරු උණ හෙවත් මංකිපොක්ස් වෛරසය ආසාදිත මෙරට දෙවන පුද්ගලයා ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හතළිස් දෙහැවිරිදි ඔහු ඊයේ දිනයේදී වඳුරු උණ ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගත්තේ. අදාළ පුද්ගලයා මෙරටට පැමිණ තිබුණේ ඩුබායි සිටයි.

මෙය වසංගතයක් ලෙස පැතිර යාමේ අවධානමක් නැති බවයි විශේෂඥ වෛද් ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ. නමුත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් අනුගමනය කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Previous articleසනත් නිශාන්ත අභියාචනාධිකරණයට
Next articleපළමු වරට ඇඹුල් කෙසෙල් තොගයක් ඩුබායි වෙළඳපලට