කරාපිටිය රෝහලේ ගින්න පාලනය කරයි

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතිවූ ගින්න මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

රෝහලේ පිළිකා ඒකකයේ දෙවන මහලේ ස්ථාපිත ස්කෑන් කාමරයක් තුළ ඊයේ (10) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇත.

වායු සමීකරණයක ඇතිවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැකපළ කරයි.

මේ වන විට රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි වාර්තා වන්නේ.

Previous articleඅද විදුලි කප්පාදුව මෙහෙමයි
Next articleප්‍රමාද විශ්‍රාම වැටුප් කොටස් දෙකක් යටතේ ගෙවීමට සැලසුම්