චීන පොහොර නැවට විදේශ අමාත්‍යංශයෙන් නිලධාරියෙක්

Share

චීන කාබනික පොහොර නැව සම්බන්ධ පැන නැගුනු අර්බුදකාරී තත්වය සමථයකට පත් කිරීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි, විදේශ අමාත්‍යංශයේ විශේෂ නිලධාරියෙක් පත්කර තිබෙනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී. දෙදහස් විසි එක වසරේදී මෙරටට ආනයනය කළ චීන කාබනික පොහොර නැව හා ඊට ශ්‍රී ලංකා රජය ගෙවා ඇති ඩොලර් මිලියන හයයි දශම හතක මුදල සම්බන්ධව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, චීන කාබනික පොහොර නැව සම්බන්ධව ශ්‍රී ලංකාව හා චීන රජය අතර දීර්ඝ කාලීන මිත්‍ර සම්බන්ධතාවලට හානියක් නොවන අයුරින් මෙම ගැටළුවට විසඳුමක් සෙවීමයි මෙහි අරමුණ.

මේ අතර එළවළු සහ පළතුරු බීජවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසනවා.

Read more

Local News