ඩෙංගු රෝගීන් ඉහළට

Share

පසුගිය සතිය තුල දිවයිනේ ඩෙංගු රෝගීන් එක්දහස් එකසිය දාහතර දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා.

එය ඉකුත් සතියට සාපේක්ෂව සියයට දහ අටක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි එම ඒකකය තවදුරටත් පෙන්වා දෙන්නේ. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, එම අගය සියයට හතළිස් දෙකයි දශම අටක් වනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට දහතුනයි දශම දෙකක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් සියයට විසි එකයි දශම පහක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් සියයට හතරයි දශම තුනක ප්‍රතිශතයකින් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව මහනුවර, ගාල්ල, යාපනය, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින්ද ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News