කන්දකාඩුවෙන් පැනගිය රැඳවියෙකු මරුට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියෙකු මියගොස් තිබෙනවා.

සිංහපුර කැලෑබද ප්‍රදේශයේදී මීට දින දෙකකට පමණ පෙර මෙම රැඳවියා සොයාගෙන ඇත්තේ. අනතුරුව ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම රැඳවියා දින කිහිපයක් ආහාර නොගැනීම හේතුවෙන් මිය යන්නට ඇති බවටයි පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප් රකාශ කළේ.