2023 අයවැය හෙට පාර්ලිමේන්තුවට

Share

2023 වර්ෂයට අදාළ අයවැය හෙට (14) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවර අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර වර්ෂයක් සඳහා ඔහු ඉදිරිපත් කරන මංගල අයවැයද මෙය වනවා.

අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙන අතර කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 සිට දෙසැම්බර් 08 දක්වා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News