නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නිවේදනයක්

Share

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙට (15) ආරම්භ වනවා.

ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සඳහා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි සඳහන් කළේ.

Read more

Local News