පාසල් උපකරණවල මිල වැඩිවීම ගැන සොයා බැලීමක්- මුදල් රාජ්‍ය අමාත්‍ය

Share

සෙස් බද්ද නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම්, එය වෙනස් කරන්න බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අතරතුර අඳහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ ය

සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණවල මිල වැඩිවීම ගැන අද විශේෂ සොයා බැලීමක් සිදු කරන බවත් ”යම් හෙයකින් ආදේශන ආනයනයක් හෝ තිබෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අප එය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු පැවසීය.

Read more

Local News