ඉන්දුනීසියාවේ Borneo දූපතේ පැතිර යන ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයෝ සති ගණනාවක් පුරා අඛණ්ඩව සටන් කරමින් සිටිති. මෙම පාරිසරික ව්යසනය හේතුවෙන් අග්නිදිග ආසියාවේ විශාල ප්රදේශයක් විෂ සහිත දුමාරයකින් වැසී ගොස් තිබේ. මෝටර් රථ, නිවාස සහ මාර්ග අඳුරු රතු-දුඹුරු පැහැති මීදුම තුළින් විටෙක පෙනී ගොස් නැවත නොපෙනී යන ජාත්යන්තර මාධ්ය වාර්තා කර ඇත.
දැවෙමින් පවතින වනාන්තර, වගුරු බිම් හේතුවෙන් වාතය තුළ ඉතා කුඩා අංශු සහ කාබන් මොනොක්සයිඩ් එක්රැස් වී තිබේ. එමඟින් සෞඛ්යයට අහිතකර ඝන දුමාරයක් නිර්මාණය වී ඇති අතර, එය ඉන්දුනීසියාව පුරා පැතිර ගොස් සිංගප්පූරුව , මැලේසියාව සහ පිලිපීනය දක්වා ද ව්යාප්ත වී ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ ජනතාවගේ සෞඛ්යයට, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ශ්වසන පද්ධතියට එල්ල වන අවදානම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇත.
Share
Read more



