රුසියානු මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි තොරතුරු හුවමාරුව යළි ක්‍රියාත්මකයි – සෙලෙන්ස්කි

Share

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසා ඇත්තේ, ඇමරිකානු ජනාධිපති Donald Trumpගේ විශේෂ නියෝජිත Steve Witkoff සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව, රුසියානු මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සිදු කෙරෙන බුද්ධි තොරතුරු හුවමාරුව මේ වන විට ක්‍රියාත්මක වන බවයි.
නෝර්වේ හි අගනුවර වන Oslo නුවරදී මෙම හමුව පැවැත්විණි. මීට පෙර Kyiv පාලනය චෝදනා කර තිබුණේ, ඇමරිකාව අත්‍යවශ්‍ය බුද්ධි තොරතුරු ලබාදීම අත්හිටුවා ඇති බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Rubio එම චෝදනාව “අපකීර්තිමත් චෝදනාවක්” ලෙස එය ප්‍රතික්ෂේප කළේය.
මෙම සාකච්ඡාවලට සහභාගී වූ ෆින්ලන්ත ජනාධිපති Alexander Stubb පවසා ඇත්තේ සාමය ඇති කිරීමේ යෝජනා සම්බන්ධයෙන් “සැබෑ ප්‍රගතියක්” අත්කර ගත් බවයි. එහෙත්, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඔහු හෙළි කර නැත.
Zelensky සහ ඔහුගේ යුරෝපීය හවුල්කරුවන් පවසා ඇත්තේ, Oslo හිදී එකඟ වූ යෝජනාවලට ප්‍රතිචාර දැක්වීමේ වගකීම දැන් රුසියාව සතු වන බවයි.

Read more

Local News