චීන අගමැති ලී ච්යං, චීන-රුසියානු අගමැතිවරුන්ගේ 31 වැනි නිත්ය හමුවට සහභාගී වීම සඳහා ඊයේ (20) රාත්රියේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ළඟා විය. අගමැතිවරයා පිළිගැනීමට රුසියානු උප අගමැති Dmitry Chernyshenko ඇතුළු පිරිසක් එරට Pulkovo ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
චීන-රුසියානු උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ 30 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් කෙරෙන බව අගමැති ලී ච්යං එම අවස්ථාවේදී පැවසීය. දිගුකාලීන යහපත් අසල්වැසි මිත්රත්වය, පුළුල් උපායමාර්ගික සම්බන්ධීකරණය සහ එකිනෙකාට වාසිදායක සහයෝගීතාව තුළින් සමන්විත, විශාල රාජ්යයන් අතර සබඳතා සඳහා දෙරට ආදර්ශයක් සපයා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
නව යුගයේ චීන-රුසියානු විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය මගින් තවදුරටත් සාරවත් ජයග්රහණ අත්කර ගැනීමටත්, දෙරටේ ජනතාවට වඩාත් යහපත සැලසීමටත්, ලෝක සාමය සහ සංවර්ධනය උදෙසා ස්ථාවරත්වයක් හා නිශ්චිතභාවයක් එක් කිරීමටත් චීනය, රුසියාව සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කිරීමට සූදානමින් සිටින බව චීන අගමැති ලී ච්යං එහිදී අවධාරණය කර ඇත.
Share
Read more



