මිනිසා පරිසරයට ආදරය කළ යුතුයි. පරිසරය රැකුණොත් පමණයි අපේ හෙට දවසේ හුස්ම පොද තීරණය වන්නේ. ඒත් පරිසර විනාශයේ අඩුවක් නම් අපේ රටේ දකින්න නැහැ. පොළොන්නරුවෙන් සහ හැටන් ප්‍රදේශයෙන් වාර්තා වූ එවැනි පරිසර විනාශයන් පිළිබඳවයි මේ තොරතුරු.
උඩරට දුම්රිය මාර්ගයේ රෝසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි ඉලුක් සහිත රක්ෂිතයක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. හැටන් ශැනන් සහ සැතඩන් යන වතුවලට මායිම්ව පිහිටි ඉලුක් සහිත රක්ෂිතයකටයි එසේ ගිනි ගෙන ඇත්තේ.
දුම්රියේ ගමන් ගත් පිරිසක් මෙම ගින්න ඇති කළ බවට හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් සැක පළ කරනවා. අදාළ ගිනි ගැනීම හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දහයකට ආසන්න භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
පොලොන්නරුව වැලිකන්ද සූරියවැව ගම්මානය ආසන්නයේ පිහිටි ත් රිකෝණමඩුව රක්ෂිත භූමියේ කොටසක් එළිපෙහෙළි කිරීමත් සමඟ විශාල වන විනාශයක් සිදුව තිබෙනවා.
මේ වන විට අක්කර දෙසීයක පමණ කැලෑ ප්‍රදේශයක් හෙලි පෙහෙලි කරමින් කිසියම් පිරිසක් විසින් බඩඉරිඟු වගාවකට බිම් සැකසීමත් සමගයි මෙම ගැටළුව මතුව ඇත්තේ.
එහිදී ගම්වාසීන් ඊට එරෙහිව සිය විරෝධය පළ කර තිබුණා. නමුත් මේ වන තෙක් ඒ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වී නැහැ.