රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 272 යි

Share

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 272 යි.

රුසියාව, යුක්‍රේනයේ කියෙව් අගනගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් සිවිල් වැසියන් තිදෙනෙකු මිය ගොස්, 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර නැගෙනහිර යුක්‍රේනයේ රෝහලක මාතෘ අංශයටද රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් අළුත උපන් දින දෙකක බිළිදෙකුට ජීවිතය අහිමි වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ න්‍යෂඨික බලාගාර 03 ක් අක්‍රීය කර තිබෙනවා.

එසේම යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ රුසියාව, ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රාහකයෙකු ලෙස නම් කිරීමෙන් පසුවයි.

මේ අතර රුසියානු ප්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට එක්සත් ජාතීන්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස සෙලෙන්ස්කි ඉල්ලා තිබෙනවා.

Read more

Local News