ස්ටාලින්ට ගුරු මැදුරේදී විරෝධය

Share

අද පෙරවරුවේ ගුරු මැදුර ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා.

ඒ ගුරුවරියන්ගේ සාරිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්වයට, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට විරෝධය පළකරමින්.

නව ජනතා පෙරමුණ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

විරෝධතා පුවරුද අතැතිව පැමිණි මෙම පිරිස ගුරු මැදුරට ඇතුළු වීමට උත්සාහ දැරූ අතර එහිදී පොලීසිය ඔවුන්ව වළක්වනු ලැබුවා.

ගුරු මැදුරට ඇතුළු වීමට නොහැකි වන ලෙස ගේට්ටු වසා දමමින් පොලීසිය දැඩි ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණා.

Read more

Local News