ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ ඉහළ ප්‍රවණතාවයක්

Share

කොළඹ වරාය මගී නෞවුකා පැමිණෙන සංචාරකයින් ආකර්ශනය වන වරායක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත්, ලංකාව පිළිබඳ ඇතැම් පාර්ශව විසින් වැරදි චිත්‍රයක් මැවීමට ගනු ලබන උත්සාහය පරාජයට පත්කරමින් ලංකාවට සංචාරකයින් පැමිණීමට පටන් ගෙන තිබෙන බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (02) කොළඹදී පැවසීය.

රජය විසින් ඉදිරිපත් කළ 2023 වසර සඳහා වූ අයවැය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයට අදාළව කරුණු දැක්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ ඇමතිවරයා මෙසේද පැවසීය.

Read more

Local News