විදුලි බිල ගැන අනාවරණයක් – මිල වැඩිවෙයි ද ?

Share

2023 වසරේ විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 56 යි ශත 90ක් වැය කිරීමට සිදුවනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ ට්විට්ටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව ඉදිරියේදී යළිත් විදුලි බිල වැඩිවෙයිද ?

දෙදහස් විසිතුන වසරේ අඛණ්ඩව විදුලිය සැපයීමට නම් එක් විදුලි ඒකකයක් රුපියල් පනස් හයයි සත අනූවක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි ඒකකයක් සඳහා රුපියල් පනස් හයයි සත අනූවක නිශ්චිත ගාස්තුවක් අය කළ යුතු බවයි.

එසේම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෘජු මුදල් දීමනාවක්ද ලබා දිය යුතු බවද කාංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා. මේ වන විට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියල් විසිනවයයි සත දාහතරක් බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

එබැවින් සිදුවන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන හාරසිය විසිතුනයි සත පහක් බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් තිබෙනවා

Read more

Local News