දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ තාක්ෂණික සහය

Share

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.

ඊට අදාළව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දියානු Amul කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙන අතර එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read more

Local News