2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා – ජනපති

Share

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බවයි ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ 2022 ආර්ථික සමුළුවට අමතමින් ජනපති සඳහන් කළේ.

රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

news images

Read more

Local News