කර්මාන්ත ඇමති සහ සහ ස්විස්ටර්ලන්ත තනාපති අතර සාකච්ඡාවක්

තනාපති

ලෝකයේ ධරණීය හා සංවර්ධිත ආර්ථික තත්වයන් ඇති රටවල දැනුම හා මාර්ගෝපදේශකත්වය මෙරට ආර්ථිකයට එක්කර ගැනීමේ අරමුණෙන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය.

එහිදී ලෝකයේ වඩාත්ම දියුණු සහ ඉහළ සංවර්ධිත නිදහස් වෙළඳපොල ආර්ථිකයන්ගෙන් එකක් වන ස්විට්සර්ලන්තයේ ආර්ථිකය ගුරුකොට ගනිමින් මෙරට ආර්ථිකයට ලබා ගතහැකි පූර්වාදර්ශයන් මූලිකව සාකච්ඡාවට බදුන් කෙරුණු අතර එහිදී මෙරට ආර්ථිකයට ප්‍රමුඛ ගාමක බලයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ක්‍රමෝපායන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් තාක්ෂණික හා නව ක්‍රමෝපායන් එක්කොට ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණි.

Previous articleරට තුළ සිටින ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රමවේදයක්
Next articleමැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට