අඩහෝරාවේ පන්දම් විරෝධය

විදුලි බිල වැඩි කිරීමට අදාල යෝජනාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සඳහා අනුමැතිය ලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවටයි විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවන්නේ.

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ සවස අඩහෝරාවක පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

69 ලක්ෂයේ මහජන පෙත්සම අත්සන් කිරීම අදත් සිදු කෙරුණා.