ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ ජපානයේ අවධානය

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

නව සහ නැඟී එන කර්මාන්තවලට රට හැඩගැස්වීම සඳහා රජයේ නව ආර්ථික සැලසුම් යටතේ මෙරට තරුණ තරුණියන් පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

Previous articleපොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් අගමැති හමුවෙයි
Next articleX Press Pearl ගින්න පිළිබඳ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට